නිලධාරීන් 9 දෙනෙක් ඡන්ද රාජකාරීවලින් ඉවතට

ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිළධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් කර තිබෙන බව හම්බන්තොට තේරීම්භාර නිලධාරී එච්.පී සුමනසේකර සඳහන් කරනවා.

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන බවට විදුහල්පතිවරු නවදෙනෙක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්, ගුරුවරුන් සිව් දෙනෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, සමෘද්ධි කළමණාකරුවෙක් සහ වෛද්‍යවරුන් තුන්දෙනෙක් ඇතුළු රාජ්‍ය නිධාරින් 19 දෙනෙකු පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි ලැබී තිබිණි.

ඒ අනුව අවස්ථා කිහිපයකදී සිදුකළ විමර්ශනවලින් අනතුරුව එම නිලධාරීන් 19දෙනා අතුරින් නිලධාරීන් 9දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

මෙලෙස මැති­ව­රණ රාජ­කා­රි­යෙන් ඉවත් කළ රාජ්‍ය නිල­ධා­රීන්වනුයේ විදු­හ­ල්ප­ති­වරු 7ක්, මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­ර­යෙක් සහ නියෝජ්‍ය විදු­හ­ල්ප­ති­ව­ර­යෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *