පළමු ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර

අද (21) ආරම්භ වූ ජනාධිපතිවරණයේ ප්‍රදේශ මට්ටමින් ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පවසා සිටියේ, දිවයිනේ සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ඡන්දය ගණන්කිරීමේ කටයුතු පස්වරු 8ත් 9ත් අතර කාලයේදී ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය.

දිවයිනේ සෑම ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානයකම ගණන්කිරීමේ කටයුතු ආරම්භ වන්නේ එම ප්‍රදේශයට අයත් සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ඡන්ද පෙට්ටි ලැබුණු පසුව බව මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

දිවයිනේ පිහිටි ගණන්කිරීමේ මධ්‍යස්ථාන 429ක තැපැල් ඡන්ද ගණනය කිරීම සිදුවෙන බවත්, එම කටයුතු ප.ව. 4ට ආරම්භ කරන බවද මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *