ජනාධිපතිවරණය ගැන මැ. කො කියපු කතාව  

මැතිවරණ ඉතිහාසයේ සාමකාමී ලෙස මැතිවරණයක් පැවැත්වූ හොඳම මැතිවරණය මෙය බවට විශ්වාස කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (21) පෙරවරුවේ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එමෙන්ම, ඔහු එහිදි වැඩිදුරටත් පැවසුවේ එම කාලය තුළ කිසිදු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවු බවයි.

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද (21) උදෑසන 7ට ආරම්භ වූ අතර එය සවස 4ට නිමා විය.

මෙවර ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 13,421 සිදුකළේය.

බොහෝ දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75% ඉක්මවා තිබුණි.

කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,713 කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *