යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනගනවා

රට තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට කැපවී කටයුතු කරන බව නව ජන මාධ්‍ය අමාත්‍ය විජිත හේරත් පවසයි.

ජන මාධ්‍ය , බුද්ධ ශාසන සහ ආගමික කටයුතු යන අමාත්‍යාංශවල වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

මෙහිදි සර්ව ආගමික පූජකවරුන්ගේ ආශිර්වාද නව අමාත්‍යවරයාට හිමිවු අතර වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍ය විජිත හේරත් මෙලෙස මාධ්‍යයට අදහස් පළ කර තිබිණි.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්වු විජිත හේරත් අද එම අමාත්‍යාංශයේ වැඩ භාරගැනීම සිදු කළේය.

අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *