තවත් අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් රාජකාරී අරඹයි

මුදල් අමාත්‍යාංශ නව ලේකම්වරයා හා ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරුන් අද රාජකාරී ආරම්භ කළේය.

මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වු මහින්ද සිරිවර්ධන අද පෙරවරුවේ රාජකාරී ආරම්භ කළේය.

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු හා මුදල් අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මහින්ද සිරිවර්ධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය හා භූතානයේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *