මහ මැතිවරණයට රනිල් පාර්ශවයෙන් සන්ධානයක්  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දක්වන හිටපු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් කොළඹ මල් පාරේ පිහිටි පුළුවන් ශ්‍රී ලංකා කාර්යාලයේ දී පැවැත්විණි.

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡා පැවැත්වුණු අතර ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා පුළුල් සන්ධානයක් නිර්මාණය කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දක්වන මෙම මන්ත්‍රී කණ්ඩායම පවසයි.

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහාය දැක්වු හිටපු මන්ත්‍රීවරුන් රැසක් ඊට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *