තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ගැන කොමිසමෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සැප්තැම්බර් මස 30 වනදා සිට ඔක්තෝබර් මස 07 වනදා දක්වා සිදුකරන බව මැතිවරණ කොමසාරිස්, ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

කොළඹ අද (26) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු මේ බව පවසා සිටියේය.

මෙම මැතිවරණයේ දී ද 2024 ඡන්දහිමි නාමලේඛන භාවිතා කරන බැවින් ජනාධිපතිවරණට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කළ සියලු දෙනාට නැවතත් මෙම මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීමට අනවශ්‍ය බවද ඒ පවසා සිටියේය.

එහෙත් පසුගිය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත මොනයම් හෝ කාරණාවක් නිසා ප්‍රතික්ෂේප වී තිබුණා නම් එම ප්‍රතික්ෂේප වීමට අදාළ කාරණාව නිවැරදි කර නැවත තැපැල් ඡන්ද අයදුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවන බවද ඔහු පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *