ජෝන්ස්ටන්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ජනවාරි 21

2014 ජනවාරි 01 සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් 39 දෙනෙකු ඔවුන්ගේ නිත්‍යානුකූල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් ති‌දෙනෙකුට එරෙහිව නඩුව ගොනුකර තිබිණි.

ඒ අනුව අල්ලස් හා දූෂණ කොමිසම ගොනුකර ඇති මෙම නඩුවේ සාක්ෂි විභාගය ජනවාරි 21 සිදු කිරීමට කොළඹ මහාධිකරණය විනිසුරු නවරත්න මාරසිංහ අද (27) නියෝග කළේය.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේ ජොන්ස්ටන් ප්‍රානාන්දු සහ සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු, සතොස හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂ කාජා මොහොදින් සාකීර් යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *