පාරිභෝගික අධිකාරිය වෙනස් වෙලා..?

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත් වන ලෙස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් දැනුම් දී තිබේ.

නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කිරීමට අමාත්‍යවරයා තීරණය කර තිබීම මීට හේතුව බව වාර්තා වේ.

1979 අංක 1 දරන පාරිභෝගික ආරක්ෂණ පනත සහ 1987 අංක 1 දරන සාධාරණ වෙළඳ කොමිෂන් සභා පනත සහ 1950 මිල පාලන පනත අහෝසි කරමින් 2003 අංක 9 දරන පාරිභෝගික පිළිබඳ කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටුවන ලදී.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සභාපතිවරයෙකුගෙන් සහ කර්මාන්ත, නීතිය, ආර්ථීක විද්‍යාව, වානිජ්‍ය, පරිපාලනය, ගිණුම්කරණය, විද්‍යාව හෝ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර නියෝජනය කරන හා ඒ සම්බන්ධව පළපුරුද්දක් ඇති සාමාජිකයින් දහ දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවකින් සමන්විත වෙයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතෙහි 39 වන වගන්තියට අනුව, වාණිජ, නීති ක්ෂේත්‍රය, ව්‍යාපාරික ව්‍යවසාය කළමනාකරණය, වෙළෙඳ පිළිවෙත් හා පාරිභෝගික කටයුතුවල පුළුල් පලපුරුද්දක් ඇති ශාස්ත්‍රඥයන් තිදෙනෙකුගෙන් සමන්විත වන පරිදි ගරු අමාත්‍යතුමා විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව පිහිටුවිය යුතු අතර මෙම සාමාජිකයන් අතුරින් එක් අයෙකු එහි සභාපති වශයෙන් අමාත්‍යවරයා විසින් නම් කල යුතුය.

මෙලෙස පත්කෙරෙන සභාවේ සාමාජිකයන්ගේ ධුර කාලය අවුරුදු තුනක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *