අරගලකරුවන් නිදොස් කොට නිදහස්

2022 වසරේ මහජන අරගලය අතරතු​ර පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයේ නිරතව සිට අත්අඩංගුවට පත්ව, පසු​ව ඇපමත නිදහස්ව සිටි අරගලකරුවන් පිරිසක් නිදොස්කොට නිදහස් කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අරගල සමයේදී රටෙහි පැවැති තත්ත්වයන් සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කිරීම සඳහා සංදේශයක් බාරදීමට යමින් සිටි සමාජ ක්‍රියාකාරීන් 13 දෙනෙකු මෙලෙස තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව මහරගම පොලීසියේ රඳවා තබාගනිමින් අනතුරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

සංවිධානාත්මකව අයුතු ජනරාශිය ඇති කිරීම, අයුතු ජනරාශියක සාමාජිකයන් වීම, පොලීසියට සහ මහජනතාවට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මෙම සැකකරුවන් වෙත එල්ලවී තිබූ අතර එම අවස්ථාවේදී මෙම සැකකරුවන් 13 දෙනා වෙනුවෙන් නීතිඥවරුන් එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටියහ.

කෙසේ වුවද වසර දෙකක් පුරාවට මේ සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩුව විභාග වූ අතර, එහි අවසන් තීන්දුව ලබාදෙමින් මෙම සැකකරුවන් 13 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *