X-Press Pearl නැවතත් උඩ එයි

X-Press Pearl නෞකාව අයත් සමාගම විසින් වන්දි ඉල්ලා ශ්‍රී ලංකා රජය පැවරූ නඩුව නිශ්ප්‍රභ කරන්නැයි නැව් සමාගමේ රක්ෂණ නියෝජිතයින් කළ ඉල්ලීමක් සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ මහධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

රක්ෂණ නියෝජිතයින් අධිකරණය හමුවේ පවසා ඇත්තේ, ලන්ඩන් අධිකරණය මගින් නැවෙන් වූ හානියට වන්දි සීමාවක් පනවා ඇති බැවින් එම නඩුව ප්‍රතික්ෂේප කරන ලෙසය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය නඩුව සඳහා විරෝධතා ගොනු කරන ලෙස රක්ෂණ සමාගම්වලට නියෝග කර ඇති අතර ඒ සඳහා සිංගප්පූරු වාණිජ මහාධිකරණය රක්ෂණ සමාගම් වෙත මාර්තු 24 වැනිදා දක්වා කල් ලබා දී ඇත.

එමෙන්ම මෙම නඩුව යළිත් ජූලි පළමු වැනිදා කැඳවීමට නියමිතව තිබේ.

මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමාවලට එරෙහිව බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ නිතිපතිවරයා ගොනු කළ විරෝධතා සඳහා නැව් සමාගමේ රක්ෂණ නියෝජිතයින්ට ප්‍රතිවිරෝධතා ගොනු කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ මැයි 24 වැනිදා දක්වා රක්ෂණ නියෝජිතයින්ට මේ සඳහා කල් ලබා දී ඇති බවය.

බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය නෞකාව අයත් සමාගමෙන් ශ්‍රී ලංකා රජයට ලබා ගත හැකි වන්දිය ස්ටර්ලිං පවුම් මිලියන 19.5කට සීමා කරමින් නියෝගයක් නිකුත් කර තිබූ අතර ඊට එරෙහිව ශ්‍රී ලංකා රජය විසින් පසුගිය ජනවාරි 29 වැනිදා විරෝධතා ගොනු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *