රැඳවියන්ගෙන් මිලියන 116ක ආදායමක්

2022 සහ 2023 යන වර්ෂවල දී සංශෝධිත නව පනත් 107ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවූ බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පැවසුවේය.

2023 වර්ෂයේදී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මඟින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකිවූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වය සමඟින් රැදවියන් බන්ධනාගාර තුළ සිටම රැකියා සඳහා යොමු කිරීමට කටයුතු කරනු ලැබු බවත් ඒ අනුව වැලිකඩ, මහර, අගුණකොලපැළැස්ස යන බන්ධනාගාර හරහා සපත්තු, කොයිල් සහ ආහාර නිෂ්පාදනය කෙරෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *