පරාජිතයෙකු නොවී ලිංගික ක්‍රීඩාව කරන්නෙ මෙහෙමයි!

ලිංගිකත්වය සම්බන්ධයෙන් ඔබ කිසියම් දැනුවත්භාවයකින් යුක්ත අයෙක්ද? එසේ නොමැති නම් ඔබ විධිමත් හෝ අවිධිමත් ආකාරයට ලිංගිකත්වය සම්බන්ධයෙන් කිසියම් අධ්‍යයනයකින් යුතු වූවෙක්ද? මේ සඳහා ඔබේ පිළිතුරු කුමක් වුවත් මේ කෙටි සටහන ඔබ සැමට වැදගත් වනු ඇතැයි සිතමි.

ලිංගිකත්වය (Sexuality) කියන්නේ චර්යාවක්. එහෙමත් නැතිනම් හැසිරීමක්. මේ හැසිරීම නිරන්තරයෙන්ම සිතිවිලි සහ හැඟීම් සමඟ සම්බන්ධයි. උදාහරණයක් විදියට අපේ සිතුවිලි වල කලබලකාරී බවක් පවතින අවස්ථා වල ලිංගික හැසිරීමත් හරිම කලබලකාරී ස්වරූපයක් ගන්නවා. එවිට අපි උත්සාහ කරන්නේ ඉක්මනින් තෘප්තිමත් භාවය ලබාගන්න, ඒ කාර්යය අවසන් කරන්න. නමුත් අපි කලබලකාරී නොවන සන්සුන් සිතුවිලි සහිතව සිටින විට සෘංගාරාත්මක හැඟීම් සමඟ සැලකිය යුතු වේලාවක් අදාල ලිංගික හැසිරීමේ හිඳිමින් උපරිම තෘප්තිමත් භාවයක් වෙත ළඟා වෙන්න පුලුවන්.

ලිංගික හැසිරීමේ චක්‍රය (Sex cycle) සැලකීමේදී එය අදියර 4කට බෙදාවෙන් කර තිබෙනවා.

  1. Excitement
  2. Plateau
  3. Orgasm
  4. Resolution

Excitement අවධියේදී ශරීරය ලිංගික හැසිරීම සඳහා සූදානම් වීමක් සිදුවේ. එහිදී මාංශ පේශී තද බවට පත්වීම, හෘද ස්පන්දනය වැඩි වීම, රුධිර පීඩනය වැඩි වීම ආදී වෙනස්කම් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සුදුවේ. පුරුෂයින්ගේ පුරුෂ ලිංගය (penis) ඍජු සහ දැඩි බවට පත්වීම, කාන්තාවන්ගේ පියයුරු දැඩි බවට පත් වීම, යෝනි තොල් විශාල වීම ආදී වෙනස්කම් සිදුවේ.

Pleteau අවධිය තුළ ශ්වසන වේගය අධික වීම, තවදුරටත් මාංෂ පේශී ඝනවීම ආදී වෙනස්කම් සිදුවේ.

Orgasm අවධිය තුළ පුරුෂයා සහ කාන්තාව යන දෙදෙනා සුරාන්තයට පත්වීම සිදුවේ. මෙහිදී දැනගත යුතු විශේෂ එක් කරුණක් වනුයේ සාමන්‍යයෙන් කාන්තාවට පුරුෂයාට සාපේක්ෂව සුරාන්තයට පත්වීමට වැඩිවේලාවක් ගත වන නමුත් එක් ලිංගික චක්‍රයකදී සුරාන්ත 1 කට වඩා ලබා ගත හැකිය. එසේම අනෙක් කාරණය නම් කාන්තාවකට එක චක්‍රයකදී එක් සුරාන්ත අවස්ථාවක්වත් ලබා ගත නොහැකි විය හැකිය. ඊට හේතුව පුරුෂයා ඉක්මණින් සුරාන්ත තත්ත්වයට පත් වී චක්‍රය ඒකපාර්ශවිකවම අවසන්ව යෑමයි.

මේ නිසාම ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර ඇතිවන මෙවැනි ලිංගික හැසිරීම් දෙදෙනාටම තෘප්තිමත් නොවනු ඇත. සමහර අවස්ථාවලදී මේ හේතුව නිසාම විවාහ සම්බන්ධතා දෙදරා යන තරම් ගැටලුකාරී තත්ත්ව නිර්මාණය වී අසාර්ථක විවාහ ජීවිත පවත්වාගෙන යන යුවලවල් වර්තමාන සමාජයේ තුළ දැකිය හැක. එබැවින් මානව ලිංගික හැසිරීමක් තුළ දෙදෙනාම හැකි උපරිම ලෙස සෑහීමකට පත්වීම / තෘප්තිමත් වීම අත්‍යවශ්‍ය සාධකයකි. එසේ නොවන අවස්ථා සාර්ථක ලිංගික හැසිරීමක් ලෙස හැඳින්විය නොහැක.

Resolution යනු සුරාන්තයට පත් වීමෙන් පසු ශරීරය යලිත් යථා තත්ත්වයට පත්වීමේ අවධියයි. මේ අවස්ථාව තුළ ඔබ දෙදෙනාට ඔබ දෙදෙනාගේ සතුට ලබාදීම වෙනුවෙන් එකිනෙකා සිප වැළඳගෙන ස්තූතිවන්ත වීමේ පුරුද්දක් පවත්වාගන්නට හැකි නම් එයත් සාර්ථක ලිංගික ජීවිතයකට හේතුවක් වනු ඇත.

සාර්ථක ලිංගික හැසිරීමක් සඳහා මූලික වශයෙන්ම දෙදෙනා අතර තමන්ගේ ලිංගික ආශාවන්, ලිංගික උද්දීපනය හා සම්බන්ධ ස්ථාන, ලිංගික ක්‍රියා සිදුකිරීමට කැමති ඉරියව් (sex positions) ආදිය සම්බන්ධව අවබෝධයක් තිබීම හා සන්නිවේදනය සිදු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ හරහා දෙදෙනාට දෙදෙනාගේ තෘප්තිමත්භාවය තහවුරු කරගැනීමේ හැකියාව ලැබෙනවා පමණක් නොව එය සාර්ථක යුග දිවියකට ද හේතු වනු ඇත.

මෙසේ අවබෝධයෙන් යුක්තව සිදු කරන ලිංගික චර්යාව හරහා ඔබට ලිංගික හැසිරීම සඳහා කැමැත්තක් නැති වීම, සුරාන්තයට පත් වීමේ ගැටලු, ලිංගික හැසිරීම සඳහා අසාමාන්‍ය බියක් දැක්වීම වැනි තත්ත්ව තිබේ නම් මනෝවෛද්‍යවරයකු වෙත හෝ මනෝඋපදේශකවරයෙකු වෙත යොමු වීම සුදුසු යැයි යෝජනා කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *