වහිඩි අත්අඩංගුවට ගන්න ආර්ජන්ටිනාව ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලයි

වසර 1994දි ආර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස් නගරයේ යුදෙව් ප්‍රජා මධ්‍යස්ථානයකට එල්ලවුණු බෝම්බ ප්‍රහාරයකට සම්බන්ධ බවට චෝදනා කරමින් ඉරාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ආජන්ටිනා රජය ජාත්‍යන්තර පොලිසිය වෙත ඉල්ලීමක් කර තිබේ.

france24 වෙබ් අඩවියට අනුව ඉරාන අමාත්‍ය අහමඩ් වහීඩි පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ සංචාරය (ඊයේ (24) අවසන් වුණු ) කරන දූත පිරිසෙහි අයෙකු බවත් ඒ අනුව වාහිඩි අත්අඩංගුවට ගන්නා ලෙස ආර්ජන්ටිනාව ද එම රජයන් දෙකෙන් ඉල්ලා ඇත.

නමුත් ඉරානයේ නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA වාර්තා කළේ වහිඩි අඟහරුවාදා නැවත ඉරානයට පැමිණ ඇති අතර එහිදී ඔහු පළාත් ආණ්ඩුකාරවරයකු පත් කිරීමේ උත්සවයකට සහභාගී වූ බවයි.

ආර්ජන්ටිනාවේ ඉතිහාසයේ මිනිසුන් 85 දෙනෙකුට මරු කැඳවමින් යුදෙව් ප්‍රජා මධ්‍යස්ථානයකට එල්ලවුණු මෙම ප්‍රහාරය “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්” ලෙස නම් කළේය.

මෙම ප්‍රහාරයට වගකිව යුතු සහ තවමත් ඔවුන්ගේ තනතුරුවල රැඳී සිටින අය ජාත්‍යන්තරව අත්අඩංගුවට ගැනීමට ආර්ජන්ටිනාවේ උත්සහාය වී ඇත.

“එලෙස වගකිව යුතු පුද්ගලයින් අතර අහමඩ් වහිඩි ද සිටින අතර ඔහු ඉරානයේ ආරක්ෂක අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකුද වේ.

ඔහු මෙම බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන මහ මොළකරුවෙකු වන අතර වරෙක ඔහුව පිටුවහල් කිරීමට උත්සාහ කළ බව ආර්ජන්ටිනාව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *