Mpox ආසාදිතයෙක් ඉන්දියාවෙන්

වඳුරු උණ ” හෙවත් ” එම්පොක්ස් ” වෛරස ආසාධිතයෙක් ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.

පිරිමි පුද්ගලයෙකු වන ඔහු මේ වනවිට නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ කළ බව ඉන්දීය වෛද්‍ය අංශ සඳහන් කර ඇත.

ඔහු මෑතකදි විදේශයක සිට ඉන්දියාවට සංක්‍රමණය වූවෙකු බව ඉන්දීය සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වාදෙයි.

මෙම වෛරසය 1958 දී ඩෙන්මාර්කයේදී පර්යේෂණ සඳහා රඳවා සිටි වඳුරන් තුළින් සොයා ගන්නා ලදී.

එය ප්‍රථම වරට මිනිසුන් තුළින් හඳුනාගනු ලැබුවේ 1970 දීය. එය ආසාදිත සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන වෛරසයක් වුවත් සමීප ශාරීරික සම්බන්ධතා හරහා මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය විය හැකිය.

එය උණ වැනි රෝග ලක්ෂණ සහ සිරුරේ සැරව සහිත තුවාල ඇති කරන අතර ඇතැම් අවස්ථාවන්හිදී මාරාන්තික වීමට ඉඩ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *