රනිලුත් කළගෙඩි ලාම්පු සෙල්ලමක..?

ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවදුරටත් ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට ඉඩ සලසමින් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ දෙකම වසර දෙකකින් කල් දැමීමට එක්සත් ජාතික පක්ෂය ජනමත විචාරණයක් යෝජනා කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර අද (28) අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවම වශයෙන් තවත් වසර දෙකකින් දීර්ඝ කළ යුතු බවයි.

අවම වශයෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කළ යුතුයි. මේ වෙලාවේ මැතිවරණයකට නොගොස් පාර්ලිමේන්තුවේ කාලය වසර දෙකකින් දීර්ඝ කළ යුතුයි.” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (SJB) සහ ජාතික ජන බලවේගය (NPP) මේ මුලපිරීම සඳහා සහාය දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේ තේරී පත් වූ නියෝජිතයින් යෝජනාවක් සම්මත කර ගැනීමෙන් අනතුරුව ජනමත විචාරණයකින් පසුව මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධී නොවන බව මහලේකම්වරයා අවධාරණය කළේය.

“මේ තීරණාත්මක අවස්ථාවේ මැතිවරණ සමග මුදල් නාස්ති කිරීම නිෂ්ඵලයි. මේ ගැන සලකා බලන ලෙස මම සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා යැයිද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *