T20 WC – 2024 : දෙවන තරගයේ ජය කොදෙව්වන්ට

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ දී පැපුවා නිව් ගිනියා කණ්ඩායම පරාජය කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 5කින් ජය ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දානාගත් බටහිර බන්දීය කොදෙව් පිල ප්‍රථමයෙන් පන්දු රැකීම තෝරාගත් අතර පැපුවා නිව් ගිනියා කණ්ඩායම නියමිත පන්දුවාර 20තුළ කඩුලු 8ක් දැවී ලකුණු 136ක් ලබා ගත්තේය.

පැපුවා නිව් ගිනියා වෙනුවෙන් සේසේ බව් ලකුණු 50ක් ලබා ගත් අතර නායක අසාද් වාලා පන්දු 22 කදී ලකුණු 21 ලබා ගත්තේය. කිප්ලින් ඩොරිගා නොදැවී පන්දු 18 කදී ලකුණු 27 ක් ලබා ගත්තේ හතරේ පහර 3ක්ද සමගිනි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළහ.

ජයග්‍රාහී කොදෙව් පිල වෙනුවෙන් රොස්ටන් චේස් නොදැවී ලකුණු 42 ක් ලබාගත් අතර බ්‍රැන්ඩන් කිං ලකුණු 34ක් ලබාගත්‍ේය. ප්‍රහාරාත්මක පිතිකරු නිකොලස් පූර්න්ට ලබා ගත හැකි වූයේ පන්දු 27 කදී ලකුණු 27 ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *