ශ්‍රී ලංකා ගුවන් සමාගම මගීන්ගෙන් සමාව ඉල්ලයි

සිංගප්පූරුවේ සිට කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපොල බලා පියාසර කරමින් තිබූ UL 309 දරණ මගීන් 204 දෙනෙකු රැගත් ගුවන් යානය, අද (2024 ජූනි 2) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ (BIA) ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත හරවා යවා තිබේ.

පවතින අයහපත් කාළගුණික තත්ත්වය යටතේ, යානයේ සිටින මගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමට සෑම උත්සාහයක්ම ගත් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැවසීය.

මගීන්ට මත්තලින් බැසීමට හෝ BIA වෙත පියාසර කිරීම සඳහා යානයේ රැඳී සිටීමට ද අවස්ථාව ලබා දී තිබිණි.

මෙහෙයුම් කාර්ය මණ්ඩලය සිය පියාසැරි රාජකාරි කාල සීමාව ඉක්මවා තිබීම හේතුවෙන් ගුවන් යානයට නව කාර්ය මණ්ඩලයක් එක් වනතෙක් මත්තල ගුවන් තොටුපොලේ රැදී සිටීමට සිදුවිය.

කෙසේවෙතත් ගුවන් ගමන ප්‍රමාද වීම සහ පසුව සිදු වූ වෙනත් අතපසුවීම්සම්බන්ධයෙන් මගීන්ට සිදුවූ අපහසුතාවයන් පිළිබඳව බලවත් කණගාටුව පළ කරන බව ගුවන් සමාගම නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *