ඔක්ටේන් 100 අද සිට ලංකාවේ

අධි සුඛෝපභෝගී මෝටර් රථ සහ බයිසිකල්වල ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට උපකාරී වන ඔක්ටේන් 100 ප්‍රිමියම් පෙට්‍රල් නිකුත් කිරීමට නියමිතය.

ඉන්දියන් ඔයිල් කෝපරේෂන් (IOC) හි උසස් නිලධාරියෙකු පැවසුවේ ඉන්ධන ලීටරයක මිල සාමාන්‍ය ඉන්ධන නිෂ්පාදනවලට වඩා බෙහෙවින් වැඩි වනු ඇති බවයි.

මෙම නව ඔක්ටේන් 100 ප්‍රිමියම් පළමු ඉන්ධන තොගය පසුගිය මැයි 18 වැනි දින මුම්බායි හි ජවහර්ලාල් නේරු වරායෙන් (JNPT) ශ්‍රී ලංකාවට නැව්ගත කර ඇති බව වාර්තා විය.

XP100 ලෙස නම් කර ඇති මෙම පෙට්‍රල් වර්ගය ඉන්දියාවේ දේශීයව නිපදවා තිබීම විශේෂත්වයකි.

මෙය ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් එන්ජින් ක්‍රියාකාරිත්වය, වේගවත් ත්වරණය, සුමට රිය පැදවීමේ හැකියාව සහ වාහනවල ඉන්ධන පිරිමැස්ම සඳහා නිර්මාණය කර ඇත. එමෙන්ම වැඩි එන්ජින් ආයු කාලයක් සමඟ වඩා හොඳ ධාවන හැකියාවක් ලබා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *