T20 WC – 2024 : ජය පිපාසයෙන් ශ්‍රී ලංකා පිල අද පිටියට

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු තරගය අද (03) නිව්යෝක්හිදී පැවැත්වීමට නියමිතය.

මෙරට වේලාවෙන් රාත්‍රී 08 පැවැත්වීමට නියමිත තරගය පැවැත්වෙනු ඇත.

මේ වනවිට දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව විස්සයි 20 ජාත්‍යන්තර තරග 17 ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් 11 ජය දකුණු අප්‍රිකාව හිමිකරගෙන ඇති අතර තරග 05 ක ජය ශ්‍රී ලංකාවට හිමිව ඇත.

එමෙන්ම දෙරටේ ක්‍රීඩකයින් T20 ලෝක කුසලාන තරග 03 කදී මුහුණට මුහුණ තරග කර ඇති අතර ඉන් තරග 02 ජය හිමි කරගෙන ඇත්තේද දකුණු අප්‍රිකාව විසිනි.

කෙසේවෙතත් මේවනවිට ඩී කාණ්ඩය යටතේ ක්‍රීකා කරන ප්‍රබලම කණ්ඩායම් දෙක ලෙස දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව හඳුන්වාදිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *