දුම්රිය රියැදුරන් පිරිසක් වැඩ වර්ජනයක..

දුම්රිය රියදුරන් පිරිසක් බ්‍රහස්පතින්දා (06) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.

ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම්. සේනානායක කියා සිටියේ කොළඹ පිහිටි ධාවනාගාර ස්ථාන දෙකකින් දුම්රිය ධාවනය නොවන බවයි.

වැටුප් කේතාංකයක් ලබා නොදීම, උසස් වීම් ලබානොදීම, බඳවා ගැනීම් සිදු නොකිරීම ඇතුලු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බව ඔහු පැවසීය.

දුම්රිය එන්ජින් ක්‍රියාකරවන්නන් 450ක පමණ අවශ්‍යතාවක් පවතින නමුත් දැනට සිටින්නේ 250කටත් අඩු ප්‍රමාණයක් බව ලේකම්වරයා පෙන්වාදෙයි.

විසඳුම් ලබාදීමට අපොහොසත්වීම හේතුවෙන් මෙම වර්ජනය දියත් කළ බව පැවසූ ඒ ඔහු රටේ පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම වර්ජනය ආරම්භ කළේ කොළඹ දුම්රිය ස්ථාන පහෙන් දෙකක පමණක් බව ද පැවසීය.

අද පෙරවරුවේ පුත්තලම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක් අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *