ඉන්දීය විදේශ ඇමති දිවයිනට

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයිශංකර් අද (20) උදෑසන දිවයිනට පැමිණියේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරයට පෙර දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා ෙමෙලස පැමිණ අැත.

ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ආචාර්ය එස්. ජයශංකර් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බවයි.

එමෙන්ම ඔහු බ්‍රහස්පතින්දා (20) පස්වරුවේ දෙමළ දේශපාලන නායකයින් හමුවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *