T20 WC – 2024 : ගිරවට වැරදුනා, අපි පැරදුනා

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයේ ජය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 124 ක් ලබා ගත්තේය.

ලකුණු 125 ක ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය බංගලාදේශය පන්දු වාර 19කදී කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 125ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 47ක් ලබාගත්තේය.

මෙය ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය වන අතර පළමු තරගය දකුණු අප්‍රිකාව අතර තරගයෙන්ද ශ්‍රීලංකාවට කඩුලු 6ක දරුණු පරාජකට මුහුණ දීමට සිදුවිය.

කෙසේවෙතත් පසුගියදා සමාජ ජාලා තුල වේගයෙන් පැතිර ගිය අපූරු ඉන්දියානු වීඩියෝවක ශ්‍රී ලංකා – බංගලාදේශ තරගයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක් අත්වන බව සඳහන් විය.

එම වීඩියෝව පහළින්

https://fb.watch/szLFcfWAdQ/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *