ලයිට් කපලා : දරුවන්ට පාඩම් කරන්න විදුලිය ගන්න ගිය පියා විදුලිසැර වැදී මිය ගිහින්

පාසල් දරු දෙදෙනාට පාඩම් කිරීමට අසල්වැසි නිවසකින් විදුලිය ගැනීමට උත්සාහ කළ පියකු එම විදුලි රැහැනේ පැටලී මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පුපුරැස්ස ලෙවලන්වත්ත ජී.කේ. කොටසේ පදිංචිව සිටි අලගන් ගනේෂන් නමැති තිස් අට හැවිරිදි දෙදරු පියෙකි.

ආර්ථික දුෂ්කරතා හමුවේ විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් විදුලිබල මණ්ඩලය විසින් අදාළ නිවසේ විදුලිය විසන්ධි කර ඇත.

රුපියල් 16 000/= හිඟ මුදලක් තිබීම හේතුවෙන් අදාළ නිවසේ විදුලිය විසන්ධි කර ඇති අතර විදුලිය බිල ගෙවීමට නොහැකිව එම වත්තේ තවත් නිවාස පහළොවක පමණ මෙලෙස විදුලිය විසන්ධි කර තිබේ.

ගම්පොළ පුපුරැස්ස පොලිසිය පෙන්වා දෙන්නේ දරුවන් දෙදෙනා පළමු වසරේ සහ හය වසරේ ඉගෙනුම අතර ආර්ථික අපහසුතා හේතුවෙන් ඔහුගේ බිරිඳ ද මීට සතියකට පෙර ගෘහ සේවය සඳහා විදේශගතව ඇති බවයි .

කෙසේ වුවත් සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන ගම්පොල රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක සහ ගම්පොළ ස්ථානීය අපරාධ අංශ නිලධාරීන් විසින් ආරම්භ කර ඇත.

මුලාශ්‍රය – දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *