දුම්රිය රියැදුරන් අදත් වැඩවර්ජනයේ..

දුම්රිය රියැදුරන් අරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක සඳහන් කළේ, කොළඹ පිහිටි ධාවනාගාර දෙකකින් දුම්රිය ධාවනය සිදු නොවන බවයි.

වැටුප් කේතාංකයක් ලබා නොදීම, උසස් වීම් ලබානොදීම, බඳවා ගැනීම් සිදු නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවද ඔහු පැවසුවේ ය.

මේ අතර, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹ තිබේ.

එම සංගමයේ උප සභාපති නිලන්ත විජේසේන පැවසුවේ, ඒ අනුව ග්‍රාමිය මාර්ග හා ග්‍රාමීය පාලම් ඉදිකිරිමේ කටයුතුවලින් තම සාමාජිකයින් ඉවත්ව සිටින බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *