ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගයට වැස්ස හරස් වෙයි

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ D කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ නේපාලය සමඟ අද (12) පැවත්වීමට නියමිතව තිබු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය අත්හැර දැමීමට තීරණය කිරීමත් සමගය.

ශ්‍රී ලංකා – නේපාල තරගය අද අලුයම 5ට ෆ්ලොරීඩා හි බ්‍රොවාඩ් කවුන්ටි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබිණි.

අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවනු ඇතැයි ඊයේ (11) දිනයේදිම පූරෝකථනය කර තිබු අතර දවස පුරා ඇඳ හැලුණු වර්ෂාව නිසා ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6ට තරගය අත්හැර දැමීමට තරග තීරකවරුන් තීරණය කළේය.

මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ දකුණු අප්‍රිකාව සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට පත්වුණි.

මෙවර ලෝක කුසලානයේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය නෙදර්ලන්තයට එරෙහිව එළඹෙන 17වැනිදා සෙන්ට් ලුෂියා හිදී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *