දැරිය හැකි මිලකට ඖෂධ ලබා දෙන්න

ජනතාවට සාධාරණ මිලට ඖෂධ ලබාදීමට කටයුතු කරන ලෙසට විගණකාධිපති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය බලධාරීන්ට නිර්දේශ කර තිබේ.

විගණන වාර්තාවක් පාදක ර ගනිමින් ඒම දෙපාර්තමේන්තුව මෙම නිර්දේශය කර ඇත.

එමෙන්ම ඖෂධ සඳහා මිල නියම කිරීමේ සහ නියාමනය කිරීමේ ක්‍රමයේ ඇති ගැටලු නිවැරදි කළ යුතු බව ද නිර්දේශ කර තිබේ.

මේ අතර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඇතුළු ප්‍රමිතියෙන් තොර ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා පවසන විගණකාධිපතිවරයා ඖෂධවල ප්‍රමිතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කර ක්‍රියාත්මක කරන ලෙස ද බලධාරීන්ට උපදෙස් දී ඇත..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *