ශෂිනිගේ, විෂ්මිගේ විස්කම් මැද ශ්‍රී ලංකා කාන්තා පිල අවසන් පුර්ව වටයට

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව විය.

ඒ ඊයේ (01) උගන්ඩා කාන්තා කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 67කින් ජය ගැනීමත් සමග ය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 154ක් ලබාගත්තේය.

විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 73ක් ලබාගැනීමට සමත් වුණු අතර හසිනි පෙරේරා ලකුණු 30ක් සහ චමරි අතපත්තු ලබාගත්තේ ලකුණු 24ක් රැස් කළාය.

පන්දු යැවීමේදී ඉනෝකා රණවීර ලකුණු 10ට කඩුලු 2ක් දවා ගත් අතර, කවීෂා දිල්හාරි කඩුලු 2ක් සහ ශෂිනි ගිම්හානි ලකුණු 23කට කඩුලු 2ක් ද, වශයෙන් දවා ගැනීමට සමත්විය.

ශෂිනි ගිම්හානි මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් හිමිකර ගත්තාය. එයත් සමග තවමත් වයස අවුරුදු 15ක් වෙන ශෂිනි ගිම්හානි ලෝකයේ විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් හිමි කරගත් ලාබාලම ක්‍රීඩිකාව බවටද පත්විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි උගන්ඩා කාන්තා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු දෙකක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 87ක් පමණි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගවටයේ දී ලබාගත් තෙවන ජයග්‍රහණය මෙය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *