සමගි ජන බලවේගයේ කාර්යාලයක් මතට නැගී අයෙක් උපවාසයක

මස්සිනා පහර දුන් බව පවසමින් ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් පුද්ගලයෙකු වහලයක් මත නැගී උපවාසයක නිරත වී තිබෙනවා.

අදාළ පුද්ගලයා හොරණ පල්ලිය කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි හොරණ මූලස්ථාන පොලීසිය පැවසුවේ.

එම පුද්ගලයා නිරන්තරවෙන් ඔහුගේ මස්සිනා සමග දඹර කර ගන්නා බව සඳහන්.

ඊයේ (01) දහවල් ද දෙදෙනා අතර දඹරයක් ඇතිවී තිබෙනවා.

එම අවස්ථාවේදී මත්පැන් පානය කර සිට ඇති මෙම පුද්ගලයා මස්සිනා පහරදුන් බව පවසමින් ගල්එදඬුගොඩ ප්‍රදේශයේ පිහිටි සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයේ වහල මතට නැග උපවාසයේ නිරත වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

කෙසේ වෙතත් පොලීසිය එම ස්ථානයට යන විටත් ඔහු ඉන් ඉවත් වී ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *