ජූලි අන්තිමට පෙර මැතිවරණය ප්‍රකාශයට පත් කරනවා

වසර 2024 ජූලි මස අවසන් වන විට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක පවසයි.

මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව පවසා සිටියේය.

අපේක්ෂකයින් සඳහා මැතිවරණ ප්‍රචාරක කාලය, තැපැල් ඡන්දය සහ ඡන්ද ගණන් කිරීම ඇතුළු පරිපාලන ක්‍රියාවලීන් සඳහා ප්‍රමාණවත් කාලයක් වෙන් කිරීමේ අවශ්‍යතාවය සහ රට පුරා සිටින සියලුම ඡන්දදායකයින්ට පහසු මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවය ඔහු එහිදී අවධාරණය කළේය.

එදින නිකුත් කෙරෙන නිල නිවේදනයේ අපේක්ෂක නාම යෝජනා භාර දීමේ දිනයන් සහ මැතිවරණය පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *