‘වැඩබලන නීතිපති’ ධුරයේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ අද (01) අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

හිටපු නීතිපති සංජේ රාජරත්නම් විශ්‍රාම යාමෙන් පසු හිස් වූ නීතිපති ධූරය සඳහා ඔහු වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කරනු ලැබුවේය.

ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලද හිටපු නීතිපති සංජේ රාජරත්නම්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දෙවරක් නිර්දේශ කර තිබුණි.

දෙවරම එය ප්‍රතික්ෂේප වීමත් සමග ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කිරීමට නියමිතය.

පාරින්ද රණසිංහ යනු හිටපු අගවිනිසුරුවරයෙකු වූ කේ.ඒ. පාරින්ද රණසිංහ ගේ පුත්‍රයායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *