ඡන්දෙකට යනවා නම් කඩදාසි තියෙනවා

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා අවශ්‍ය ඡන්ද පත්‍රිකා ඇතුළු අනෙකුත් මුද්‍රණ කටයුතුවලට අවශ්‍ය තරම් කඩදාසි රජයේ මුද්‍රණාලය සතුව පවතින බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා තිබේ.

එමෙන්ම මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් මුද්‍රණාලයට අවශ්‍ය එදිනෙදා වියදම් සඳහා රුපියල් මිලියන 100-200 අතර මුදලක් හා පොලිස් ආරක්ෂාව ලබාදිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසු මුද්‍රණාලයේ කාර්ය මණ්ඩලයට දිවා – රෑ සේවය කිරීමට සිදුවන බව හා එහිදී ගෙවීම් සඳහා ප්‍රතිපාදන වෙන් නොකර මුදලින් බැරවිය යුතු බව ත් ඔහු පැවසුවේය.

කෙසේ වුවද දැනට දින නියමයක් නොමැතිව කල්දමා ඇති පළාත් පාලන ඡන්දය සඳහා මුද්‍රණ කටයුතු සිදුකිරීමේදී ගැටලුසහගත තත්ත්වයන් නිර්මාණය වූ බව ද ඔහු පවසා තිබේ.

එමෙන්ම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පළාත් පාලන ඡන්දය සඳහා නාමයෝජනා භාරගනු ලැබුව ද ඡන්ද විමසීම පැවැත්වීම කල්ගිය නමුත් රජයේ මුද්‍රණාලය එම ඡන්දය සඳහා අවශ්‍ය මුද්‍රණ කටයුතුවලින් විශාල ප්‍රමාණයක් අවසන් කර තිබුණු බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *