රනිල් පොහොට්ටුවට ආවොත් ජනපති අපේක්ෂකත්වය දෙනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නේ නම් ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සලකා බලන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිශ්චිත පුද්ගලයෙකු මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිවැරදි පුද්ගලයා නියම වේලාවට ප්‍රකාශයට පත් කරන බවට පවසන මහ ලේකම්වරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවද වැඩිදුරටත් පවසා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති පක්ෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *