තරුෂිට සහ දිල්හානිට ඔලිම්පික් වරම්

චීනයේ හංජෝ හිදි පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න (කාන්තා මීටර් 800) සහ ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම්ලාභී දිල්හානි ලේකම්ගේ (කාන්තා හෙල්ල විසිකිරීම) 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට සුදුසුකම් ලබා ඇති බව ජාත්‍යන්තර ආධුනික මලල ක්‍රීඩා සම්මේලනය IAAF ඊයේ (02) නිල වශයෙන් නිවේදනය කළේය.

IAAF ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව කරුණාරත්න 45 වන ස්ථානයට පත් වූ අතර ලේකම්ගේ 26 වන ස්ථානයට පත්විය.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා ප්‍රංශයේදී පැවැත්වීමට නියමිතය.

කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා තරඟකරුවන් 48 දෙනෙකු සහභාගි වීමට නියමිතව ඇති අතර කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වට තරගකරුවන් 32 දෙනෙකු සහභාගී වනු ඇත.

කාන්තා මීටර් 800 සඳහා IAAF විසින් නියම කර ඇති සෘජු සුදුසුකම් ලැබීමේ කාලය තත්පර 1:59.30 ක් වන අතර කාන්තා හෙල්ල විසිකිරීම සඳහා සෘජු සුදුසුකම් ලැබීමේ දුර මීටර් 64.00 කි.

මේ අතර දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා මෙන්ම බර් මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ ලෝකඩ පදක්කම්ලාභී යුපුන් අබේකෝන් වයිල්ඩ් කාඩ් ක්‍රමය හරහා පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු අත්හැර දමා තිබේ.

කෙසේවෙතත්, ප්‍රමුඛ පෙළ ධාවන ශූරයෙක් වන අරුණ දර් ශනට තවමත් පැරිස් ඔලිම්පික් තරගාවලියේ මීටර් 400 ඉසව්ව සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආරංචිමාර් ග සඳහන් කරනවා. එය අරුණගේ අන්තර් ජාතික මලල ක්‍රීඩා ශ්‍රේණිගතකිරීම් සහ ඔහුගේ වාසනාව මත ජූලි 4 වැනිදා තිරණය වනු ඇත.

මේ වනවිට දර් ශන එම ශ්‍රේණිගත කිරීම්වල 51 වැනි ස්ථානයේ පසුවන අතර, ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබන ක්‍රීඩකයන් 48දෙනා අතට පැමිණිමට දර් ශනට තවමත් අවස්ථාව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *