අගෝස්තු 30 කළින් පාස්කු වන්දි මුදල් ගෙවන්න

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට ගෙවිය යුතු හිඟ වන්දි මුදල අගෝස්තු 30 වැනිදාට පෙර ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝග කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ රුපියල් මිලියන 100ක වන්දි මුදලින් මේ වනවිට මිලියන 58ක් දැනටමත් ගෙවා ඇති බවයි.

ඉතිරි මුදලගෙවීම සඳහා වසර හයක් ලබා දෙන ලෙසද ඔහු සිය නීතිඥයින් මාර්ගයෙන් ඉල්ලා තිබුණි.

අධිකරණය දන්වා සිටියේ අදාල දිනට පෙර අදාළ මුදල් ගෙවා අවසන් නොකරන්නේ නම් එම පුද්ගලයින්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ලබන සැප්තැම්බර් මස 20 වනදා ට පෙර චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල විසින් නීතිපතිවරයාට නියෝග කළේය.

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින්ම බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් ජනවාරි මස 12 වැනිදා නිකුත් කළ තීන්දුව මගින් ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුපියල් මිලියන 100 ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන රුපියල් මිලියන 75 ක් බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50 ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10 ක්ද වන්දි වශයෙන් ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ​​සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධනට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසට නියෝග කෙරුණා. මිලියන 75 බැගින්, හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියන 75 ක වන්දියක් මිලියන 50 කි.

මෙම මුදල් සියල්ල එකතු කර 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවීම සඳහා යෙදවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *