මැලේසියානු කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ (22) ශ්‍රී ලංකාව මුහුණ දුන් තරගයෙන් ලකුණු 144ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ක්‍රීඩිකාවන් සමත්විය.

ඒ මැලේසියානු කාන්තා කණ්ඩායමට එරෙහිවයි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරා ගත් අතර ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 184ක් ලබා ගත්තාය.

නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 119ක් ලබා ගත් අතර එය ඇයගේ තෙවැනි විස්සයි විස්ස ශතකයයි.

ලකුණු 185 ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි මැලේසියානු කාන්තා කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 40ක් පමණයි.

පන්දු යැවීමේදී තවමත් 15 හැවිරිදි වියේ පසුවන ශෂිනි ගිම්හානි ලකුණු 09 කදී කඩුලු 3ක් ලබා ගැනීමට සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *