අනධ්‍යයන සේවකයින් සත්‍යග්‍රහ ව්‍යාපාරයක් අරඹයි

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය බදාදා (19) රාජ්‍ය විශ්වවිද්‍යාල ඉදිරිපිට සත්‍යග්‍රහ ව්‍යාපාරයක් දියත් කළේය.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්.ප්‍රියන්ත කියා සිටියේ තම ඉල්ලීම්වලට යහපත් විසඳුම් ලබා නොදීමට එරෙහිව මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය ආරම්භ කළ බවයි.

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කරන ලද දින නියමයක් නොමැතිව වැඩවර්ජනයට බදාදා (19) දිනට දින 48ක් සපිරේ.

එකඟ වූ මාසික දීමනාව සහ 2016 වසරේ සියයට 15 ක වැටුප් කප්පාදුව ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය දියත් කරන ලදී.

ෙකෙස්ෙවතත් අනධ්‍යන සේවකයින්ගේ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් පවතින ගැටළුව විසඳීමට තමන්ට බලයක් නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසා සිටී.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ, අනධ්‍යයන වෘත්තීය සමිති නියෝජිතයින්ට මේ බව ඊෙය් අඟහරුවාදා (18) දැනුම් දුන් බව ය.

අනධ්‍යන සේවක වර්ජනය දියත් කළද ඉදිරි වාරය සඳහා සියලුම විශ්වවිද්‍යාලවල දේශන ආරම්භ කරන ලෙස ආචාර්යවරුන්ට දැනුම් දී තිබේ.

මෙම දේශන Online ක්‍රමවේදය ඔස්සේ පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *