තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්

එළැඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින්(05) අවසන් වෙයි..

මැතිවරණ කොමිසම පැවසුවේ, අද මධ්‍යම රාත්‍රී 12ට පෙර අයැදුම්පත් නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබාදිය හැකි බවයි.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට දින නියම කෙරුණු අතර ජනාධිපතිවරණය වෙනුවෙන්, මේ දක්වා අපේක්ෂකයින් 14 ෙදෙනකු ඇප මුදල් තැන්පත් කර තිෙබ්.

ඉන් 08 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ඇප තැන්පත් කර අැති අතර වෙනත් දේශපාලන පක්ෂයක් හා ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඇප තැන්පත් කර ඇති ගණන 06 කි.

ලබන 15 වැනිදා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා කාල සීමාව තුළ නාම යෝජනා භාර ගැනීම සිදුකෙරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *