ශ්‍රී ලංකාවට ජය : හර්ෂිතාගෙන් සුපිරි ඉනිමක්

සත්කාරක අයර්ලන්තයට එරෙහි පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 7කින් ජය ගැනීමට ඊයේ (11) සමත්විණි.

තරගය ඩබ්ලින්හිදි පැවති අතර පළමුව පන්දුවට පහර දුන් සත්කාරක අයර්ලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් රැස් කළේය.

අයර්ලන්ත පිල වෙනුවෙන් වෙනුවෙන් ගැබී ලෙවිස් පන්දු 33 කදී ලකුණු 39 ක් රැස් කළ අතර ඔ්ලා පෙන්ඩර්ගස්ට් ලකුණු 29ක් සහ නායිකා ලෝරා බෙලනි පන්දු 21 කදී ලකුණු 25 ක් රැස් කළේය.

ඒමී හන්ටර් ලකුණු 17ක්, සහ රෙබෙකා ස්ටොකෙල් ලකුණු 21 වශයෙන් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 2ක් දවා ගත් අතර උදේශිකා ප්‍රබෝදනී සහ සුගන්දිකා කුමාරි අතර කඩුලු 1 බැගින් බෙදී ගියේය.

ලකුණු 146ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 16යි පන්දු 4කදී කඩුලු 3ක් පමණක් දැවී සිටියදී තරගය ජය ගත්තේය.

දක්ෂ පිතිහරඹයක් ප්‍රදර්ශනය කළ හර්ෂිතා සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දු 45කින් නොදැවී ලකුණු 86ක් රැස් කරමිනි.

යොවුන් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න ප්නදු 34 කදී ලකුණු 30 ක් රැස් කළේය.

තරගයේ වීරයා සම්මානය හර්ෂිතාට හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *