2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39ක්

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වන බව ජාතික මැතිවරණ කොමිසම අද නිවේදනය කළේය.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ අද පෙරවරු 09.00 සිට පෙරවරු 11.00 දක්වා වූ නාමයෝජනා භාරගැනීමේදී අපේක්ෂකයින් 39 දෙනෙකු සිය නාමයෝජනා භාරදුන් බවයි.

නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව මැතිවරණ කොමිසමට විරෝධතා 03ක් ලැබී තිබුණා.

අපේක්ෂකයකු සඳහන් නොකර එක් විරෝධතාවක් බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් ගොනු කර තිබූ අතර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) හිටපු සභාපති ජනක රත්නායක ට එරෙහිව විරෝධතා දෙකක් ලැබී තිබුණි.

කෙසේ වෙතත්, එම විරෝධතා සලකා බැලූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මැතිවරණ නීතියේ විධිවිධාන අනුව එම විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට ඒකමතිකව තීරණය කළේය.

ඒ අනුව අද දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් 39 දෙනාම 2024 ජනාධිපතිවරණයට තරඟ කිරීමට සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

එම අපේක්ෂකයින් 39 දෙනා අතර පිළිගත් දේශපාලන පක්ෂවලින් 22ක්, වෙනත් පක්ෂවලින් 1ක් සහ ස්වාධීන අපේක්ෂකයින් 16ක් සිටින බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

මැතිවරණය සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිතය.

අපේක්ෂකයින් 39 දෙනා

  1. දිලිත් සුසන්ත ජයවීර
  2. සරත් මනමේන්ද්‍ර
  3. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
  4. ඒ. එස්. පී. ලියනගේ
  5. පානි විජේසිරිවර්ධන
  6. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
  7. අජන්ත ද සොයිසා
  8. බත්තරමුල්ලේ සීරලතන හිමි
  9. සරත් ෆොන්සේකා
  10. නුවන් සංජීව බෝපගේ
  11. හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
  12. ජනක ප්‍රියන්ත කුමාර රත්නායක
  13. කේ.කේ. පියදාස
  14. මයිලවාගනම් තිලකරාජා
  15. සිරිපාල අමරසිංහ
  16. පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්
  17. සරත් කීර්තිරත්න
  18. කේ. ආනන්ද කුලරත්න
  19. නාමල් රාජපක්ෂ
  20. අක්මීමන දයාරතන හිමි
  21. කේ.ආර්. කිෂාන්
  22. පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ
  23. විජයදාස රාජපක්ෂ
  24. අනුර සිඩ්නි ජයරත්න
  25. සිරිතුංග ජයසූරිය
  26. මහින්ද දේවගේ
  27. මොහොමඩ් ඉල්ලයාස්
  28. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
  29. ඇන්ටනි වික්ටර් පෙරේරා
  30. කීර්ති වික්‍රමරත්න
  31. සජිත් ප්‍රේමදාස
  32. රනිල් වික්‍රමසිංහ
  33. මරක්කලමානගේ ප්‍රේමසිරි
  34. ලලිත් ද සිල්වා
  35. පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක
  36. ඩී.එම්. බණ්ඩාරනායක
  37. අනුර කුමාර දිසානායක
  38. අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා
  39. අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *