පවුල් කැඩෙන ගැහැනු ලෙඩ

ආරක්ෂිත ලිංගික එක්වීමක් තුළින් තෘප්තිමත් ලිංහිඅ අත්දැකීමක් ලබා ගැනීම සඳහා බාධාකාරී සාධකයක් ලෙස ස්ත්‍රී සහ පුරුෂ ලිංගික අක්‍රමතා දැක්විය හැකිය.

පුරුෂයින්ට ඇතිවිය හැකි ලිංගික අක්‍රමතා සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කිරීමට පසුගිය ලිපියේදී අවධානය යොමු කළ අතර මෙම ලිපිය තුළින් කාන්තාවන්ට ඇතිවිය හැකි ලිංගික ආබාධ පිළිබඳව අවධානය යොමු කරනු ලබයි.

ඒ අනුව පසුගිය ලිපියේ සඳහන් කළ පරිදි සාමාන්‍ය ලිංගික ක්‍රියාවලිය කාන්තා පුරුෂ දෙපාර්ශවයටම පොදු වූවක් වේ. නමුත් විශේෂත්වය නම් සාමාන්‍යයෙන් පුරුෂයෙකුට සාපේක්ෂව කාන්තාවක් ලිංගිකව උත්තේජනය වීමට වැඩි කාලයක් ගැනීමත්, එක් ලිංගික චක්‍රයකදී පුරුෂයෙකු එක වරක් පමණක් සුරාන්තයට පත් වූවද කාන්තාවකට එක් ලිංගික චක්‍රයක් තුළ සුරාන්ත අවස්ථා කිහිපයක් වුව ලබාගත හැකි වීමයි.

අපි දැන් කාන්තාවන්ට ඇති වන ලිංගික ආබාධ ආකාර 3ක් යටතේ වර්ගකර හඳුනා ගනිමු.

1. Female orgasmic disorder.
2.Female sexual interest / arousal disorder.
3.Genito-pelvic pain / penetration disorder.

Female orgasmic disorder යනු කාන්තාවන්ට සුරාන්තයට පත්වීම හා සම්බන්ධ ආබාධකාරී තත්ත්වයකි. එහිදී ප්‍රමාණවත් ලිංගික උත්තේජනයක් ලැබූවද සෑම විටම හෝ ඉතාම කලාතුරකින් පමණක් සුරාන්තයට පත් වීම මෙහි ප්‍රධාන ලක්ෂණයක් වේ.

Female sexual interest / arousal disorder යනු කාන්තාවන්ට ලිංගික සංසර්ගයක් කෙරෙහි කිසිඳු ආශාවක් නැතිවීමේ ස්වභාවය සහ උත්තේජනය නොවීමේ ස්වභාවය වේ. එය පහත පරිදි පැහැදිලි කරගත හැකිය.
●ලිංගිම එකතුවීමක් සඳහා උනන්දුවක් නොමතිවීම./ උනන්දුව බෙහෙවින් අඩු වීම.
●ලිංගිකත්වය හා සම්බන්ධ සිතිවිලි නොමැතිවීම. / සිතිවිලි අඩුවීම.
●සිය ලිංගික සහකරු විසින් ලිංගික කටයුත්ත ආරම්භ කිරීම සඳහා දරන උත්සාහයන් දිගින් දිගටම නොපිළිගැනීම. / මඟ හැරීම.
●ලිංගික එක්වීම පුරාවටම ඒ සඳහා වන උද්දීපනය නොමැති වීම. / උද්දීපනය අඩු වීම. ආදී ස්වභාවයන් මෙම ආබාධ තත්ත්වය තුළ දක්නට ලැබේ.

enito-pelvic pain / penetration disorder යනු ලිංගික සංසර්ගය සිදු කර ගැනීමට නොහැකි වන අයුරින් අධික වේදනාවක් ඇති වීම / යෝනි ප්‍රදේශයේ මාංශ පේශි තද වීම / එම ප්‍රදේශය අධික වියළි ස්වරූපයක් ගැනීම නිසා Vaginismus / dyspareunia වැනි තත්ත්වයන්ට පත් වීමයි.

මේ සඳහා බලපානු ලබන හේතු සාධක ලෙස,
●කාන්තාවන්ගේ ශරීරයේ සිදු වන හෝර්මෝන සාන්ද්‍රණයේ වෙනස් වීම්.
●හදිසි කම්පන සහ අනතුරු වලට මුහුණ දීම.
●ස්නායු ආබාධ ඇති වීම.
●බෝ නොවන රෝගාබාධ වන දියවැඩියාය, අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් වැනි තත්ත්ව .
●සම ආශ්‍රිත දැවිල්ල, ආසාදන හෝ වෙනත් චර්ම රෝග.
●උපතේදී ඇති වන අසාමාන්‍ය කායික පිහිටීම්.
●කාංසාව
●විශාදය
●ක්ලමථය
●කුඩා කාලයේ ලිංගික අපයෝජන වැනි අමිහිරි අත්දැකීම් වලට මුහුණ දීම.
●අධික නීති රීති පද්ධතියක් යටතේ හැදී වැඩී තිබීම උදාහරණ ලෙස ගත හැකිය.

මෙම තත්ත්වයන් නිසා ඔබ පීඩා විඳිනු ලබයි නම් නොඑසේනම් ඔබේ සමීපතමයෙකු පීඩා විඳියි නම් එමඟින් සහයක් ලබාගත හැකි ආකාරය ගැන දැනුවත් වීමද වැදගත්‍ වේ.

ඒ සඳහා;
●වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම – Medication.
●ලිංගික චිකිත්සාවට යොමු වීම – Sex Therapy.
●චර්යා ප්‍රතිකාර – behavioral Treatments.
●මනෝප්‍රතිකාර – Psychotherapy.
●මනෝඋපදේශනය – Counselling.
යන උපකාරක ප්‍රවේශයන් කරා යොමු වී සාර්ථක ලිංගික ජීවිතයක් කරා ප්‍රවේශ වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

කාන්තාවන් ලෙස සැමවිටම සිය පීඩාවන් යටපත් කරගෙන සිටිය යුතු නැත. ඒවායින් මිදීමට ඉහත කී උපකාරක සේවාවන් කරා නොපැකිළිව යොමුවන්නට වග බලාගන්න.

පෙර ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *