රංගනට නවසීලන්ත ක්‍රිකට් ලොකු තනතුරක්

නවසීලන්ත කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලං කා හිටපු දග පන්දු යවන ක්‍රිඩක රංගන හේරත් පත් කර තිබේ.

ඇෆ්ගනිස්තානයට එරෙහිව ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය හා එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා මෙම පත් කිරීම සිදු කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

නවසීලන්ත කණ්ඩායමේ දග පන්දු යවන පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළ පාකිස්තානයේ සක්ලයින් මුෂ්ටක් වෙනුවට මෙම පත් කිරීම සිදු කර තිබේ.

රංගන හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93 කදී කඩුලු 433 ක් දවා ගැනීමට සමත් වූ අතර, මීට පෙර බංග්ලාදේශ කණ්ඩායමේ ද දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මෑතක් වන තුරුම කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *