මේ වතාවෙත් පැරදුනොත් ආයෙම ඉල්ලන්නේ නෑ

එළැඹෙන නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් පරාජයට පත්වුවහොත් 2028 වසරේ යළි මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

78 හැවිරිදි ට්‍රම්ප්, පිට පිටම ජාතික මැතිවරණ තුනක් සඳහා රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව ඇති අතර පසුගිය වසර අට තුළ පක්ෂය විශාල ලෙස ප්‍රතිසංස්කරණ වලට ලක් කිරීමට ද කටයුතු කළේය.

ඇමරිකා නු නීතිය අනුව ජනාධිපතිවරයෙක් වාර දෙකකට වඩා සේවය කිරීම නීත්‍යානුකූල නොවන අතර ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත් 2028 වසරේදී තරග කිරීමට නොහැකි වනු ඇත.

මෙවර ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඩොලර් මිලියන 130ක් වෙන්කර ඇති අතර කමලා හැරිස් ඇයගේ ව්‍යාපාරය සඳහා අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 190ක් වෙන්කර තිබිණි.

වත්මන් ජනාධිපති ජෝ බයිඩෙන් ජනපති තරගයෙන් ඉවත් වීමට ගත් තීරණයෙන් පසුව කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *