මහ මැතිවරණය නොවැම්බර් 14

ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව, 2024 සැප්තැම්බර් 24 වැනි දින මධ්‍යම රාත්‍රියෙහි සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් 2024 නොවැම්බර් 21 වැනිදා අභිනව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවන බවත් නිවේදනය කර ඇත.

2024.09.24 දිනැති අංක 2403/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම ප්‍රකාශනය සිදුකොට ඇත.

එසේම මෙම ප්‍රකාශනය මගින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා 2024.11.14 වැනි දිනය නියම කර ඇති අතර නාමයෝජනා භාර ගැනීමේ කාලසීමාව ලෙස 2024.10.04 සිට 2024.10.11 දක්වා නියම කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *