ලෝක බැංකු සමූහයෙන් ජනපති අනුරට සුබ පැතුම්

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ අනුර කුමාර දිසානායකට ලෝක බැංකුව සුබ පැතුම් එක්කර තිබේ.

ඒ, ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරමින් ය.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංර්ධනය සඳහා අඛණ්ඩව සහාය දෙන බවයි.

ඒ සඳහා රජයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන අතර ආර්ථික වර්ධනය , සෞභාග්‍ය හා සංවර්ධනය සඳහා ඇති අවස්ථාව ද ඒ හා සමානව වැදගත් බව එම ලිපියේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *