නේපාලයේ නව අගමැති ඔලී

නේපාලයේ විශාලතම කොමියුනිස්ට් පක්ෂයේ නායක කේ. ප්‍රසාද් ශර්මා ඔලී අගමැති ලෙස නම් කර තිබේ.

ඒ ඔලිගේ පක්ෂය වන, නේපාලයේ එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්ෂය සහ නේපාල කොන්ග්‍රස් පක්ෂය පාර්ලිමේන්තුවේ නව සන්ධානයක් ගොඩනැගීමෙන් පසුව පැවැත්වුණු විශ්වාසභංගයෙන් පසුගියදා නේපාල අග්‍රාමාත්‍යධූරය දැරූ පුෂ්ප කමල් දහල් පරාජයට පත්වීමත් සමගිනි.

නේපාල ජනාධිපති කාර්යාලය ඊයේ ඉරිදා (14) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ 72 හැවිරිදි ඔලි සඳුදා එනම් අද දිනයේදී සිය ධූරයේ දිවුරුම් දෙන බවයි.

ඔලී එරට අගමැති ධුරයට පත්වන සිව්වන අවස්ථාව මෙය බව එරට මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබිණි.

ඒ අනුව ඔලි 2027 වසරේ පැවැත්වීමට නියමිත මීළග මහ මැතිවරණය තෙක් අගමැති ධූරය දැරීම දරනු ඇත.

කග්දා ප්‍රශාද් ශර් මා ඔලී දේශපාලනයට පිවිසෙන්නේ යොවුන් ක්‍රියාධරයෙක් ලෙසින් ය. එහෙත් ඔහුට අනූව දශකයේදී නේපාලයේ රජු ප්‍රමුඛ පාලනය පලවා හැරීම වෙනුවෙන් ක්‍රියාකාරීව සහභාගීවීමේ ප්‍රතිඵලයක් ලෙසින් වසර 14ක කාලයක් සිපිරිගෙයි දුක් විඳින්නට සිදුවිය.

ඔහු නිදහස් වීමෙන් පසු 1987 වසරේදී කොමියුනිස්ට් පක්ෂය හා සම්බන්ධ විය.

2015 දී ප්‍රථමයෙන් අගමැති ලෙස තේරී පත් වූ ඔලි 2018 දී නැවත තේරී පත් වූ අතර 2021 වසරේදී කෙටි කාලයක් සඳහා ඔහු යළි අගමැති ලෙස තේරි පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *