සංක්‍රමණිකයින් රැගත් යාත්‍රා දෙකක් අනතුරට

ඉතාලියේ දකුණු දිග ප්‍රදේශයේ වෙරළට ඔබ්බෙන් යාත්‍රා 2ක් අනතුරට පත්වී පුද්ගලයින් 60කට වැඩි පිරිසක් අතුරුදන් ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අතර ළමුන් 26 දෙනෙකු පමණ වන බව සඳහන් ය.

ඉතාලියේ දකුණු දිග වෙරළට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේ ලැම්පෙඩූසා දූපතට ආසන්න ප්‍රදේශයක මෙම අනතුර සිදුව තිබේ.

ගිලෙමින් තිබූ එක් යාත්‍රාවක සිටි පුද්ගලයින් 51 දෙනෙකු බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත්ව ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මියගිය පුද්ගලයින් 11 දෙනෙකුගේ සිරුරු හමු වූ බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, එම යාත්‍රා ලිබියාවේ සහ තුර්කියේ සිට සංක්‍රමණිකයින් රැගෙන යාත්‍රා කරමින් සිට ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *