අනුරට ලෝකේ වටෙන්ම සුබ පැතුම්

චීන තානාපතිවරයා සහ ඉන්දියානු මහකොමසාරිස්වරයා පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුනේ පක්ශ මූලස්තානයට පැමින අභිනවයෙන් පත්වූ නව ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබ පැතුම් එකතු කළේය.

තවද ඇමරිකානු තානාපති ජූලි චංන්ග්ද සිය එක්ස් පිටුවේ සටහනක් තබමින් ,ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් අපගේ සුභාශිංසන පිරිනමන බව පවසා ඇත.

එසේම, සාමකාමීව තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ක්‍රියාත්මක කළ ශ්‍රීලාංකික ජනතාවට ද අපි සුභ පතන්නෙමු. එක්සත් ජනපදය හා ශ්‍රීලංකාව අතර ඇති ශක්තිමත් හවුල්කාරීත්වය අප අගයන අතර, පොදු ප්‍රමුඛතා සම්බන්ධයෙන් එක්ව වැඩ කිරීමට සූදානමින් පසුවන බවද පවසා තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ජපන් තානපතිවරයාද සිය සුබ පැතුම් එක් කර තිබුණේය.

එම නිවේදනයේ මෙසේ සඳහන් කර තිබිණි.

ශ්‍රී ලංකාවේ ජනතාව විසින් තෝරාගත් අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායකට ජපානයේ ජනතාව වෙනුවෙන් මම සුබ පැතුම් එක්ක කරමි. ආර් ථික අපහසුතාවයන්ගෙන් අභියෝගයට ලක්ව සිටි ශ්‍රී ලංකාව නැවතත් සංවර් ධනය දෙසට යන ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස මෙය නම්කල හැකිය.

රටේ තිරසාර සංවර් ධනයක් වෙනුවෙන් සිදුකරන ප්‍රයත්නයට නායකත්වය දෙන්නට ඔබතුමන්ට හැකිවේවා යයි ප්‍රාර් ථනා කරන අතරම එය වෙනුවෙන් ජාත්‍යන්රත ප්‍රජාව සමග ඉතා ප්‍රබල සබඳතාවයක් නිර් මාණය කරගන්නට හැකිවනු ඇත.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඉතා දිගු කාලීන සබඳතා ඇති අතරම, ඔබතුමා ජපානය සමග ඇති බැඳියාව ජපානය වෙනුවෙන් ඉතා ඉහළින් අගය කරමි. එසේම මේ අවස්ථාව එම සබඳතා තවත් ශක්තිමත් කරගෙන සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අවස්ථාවක් කරගන්නා ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *