ජෝ බයිඩ්න්ගෙන් AKD ට එක්ස් පණිවුඩයක්

අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් පළ කර තිබේ.

ඒ එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ය.

එහිදී අමෙරිකානු ජනපතිවරයා පවසන්නේ ශ්‍රී ලාංකික ජනතාව ඔවුන්ගේ ජනාධිපතිවරයා තෝරා ගත්තේ නිදහස්, සාධාරණ සහ සාමකාමී මැතිවරණයකින් බවයි.

ඒ පිළිබඳ තමන් සතුටට පත්වන බවද බයිඩ්න් පැවසී ය.

ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය ඉදිරියට ගෙන යාමට තමා වත්මන් ජනපතිවරයා සමග සුහදව කටයුතු කිරිමට සුදානම් බව ද අමෙරිකානු ජනාධිපතිවරයා සිය එක්ස් ගිණුමේ වැඩිදුරටත් සටහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *