පාකිස්තාන ඡන්දය මැද දුරකථන සම්බන්ධතා නවතියි

පාකිස්තාන ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණෙමින් සිටින අතරතුර පාකිස්තානය තුළ ජංගමදුරකථන සේවා තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වනවා.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ රට තුළ මෑත කාලීන ත්‍රස්ත සිදුවීම් උපුටා දක්වමින් මෙම පියවර ගැනීම අවශ්‍ය වූ බවයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ “පසුගිය කාලයේ රටේ ඇති වූ ත්‍රස්තවාදී සිදුවීම් හේතුවෙන් වටිනා ජීවිත අහිමි වී ඇති හෙයින් නීතිය හා සාමය පවත්වා ගැනීමට සහ විය හැකි තර්ජන සමඟ කටයුතු කිරීමට ආරක්ෂක පියවරයන් අත්‍යවශ්‍ය බවයි.

බලුකිස්තාන් ප්‍රාන්තයේ පසුගියදා සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

හිටපු අගමැති වූ ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් නෙරපා හැරීමෙන් වසර දෙකකට ආසන්න කාලයකට පසුව පැමිණි මෙම මැතිවරණය පකිස්තානයේ අවම විශ්වසනීය මැතිවරණය බව විශ්ලේෂකයින් පවසනවා.

කෙසේ වුවද Wifi ජාල තවමත් ක්‍රියා කරන බව පෙන්වන නමුත් ඇමතුම් සහ දත්ත සේවා අත්හිටුවා තිබෙනවා.

මිලියන 128 ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී ඇති අතර, ඔවුන්ගෙන් අඩක් පමණ වයස අවුරුදු 35 ට අඩු අය වන බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.

මෙම මැතිවරණයේදී අපේක්ෂකයින් 5 000 කට වැඩි ප්‍රමාණයක් ආසන 336 ක් සඳහා තරඟ කරන අතර ඔවුන්ගෙන් 313 ක් පමණක් කාන්තාවන් වනවා.

පකිස්ථාන මුස්ලිම් ලීගය (නවාස්) (පීඑම්එල්-එන්) සහ පකිස්ථාන මහජන පක්ෂය (පීපීපී) ඡන්දයට ඉදිරිපත්වන ප්‍රධාන පක්ෂ දෙක වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *